සැමියගේ දේහය බෙදා ගන්න බිරුන්දෑවරු දෙන්නෙක් අමුතු සටනක..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Mar 22, 2024 04:03 PM GMT
Report

බිරින්දෑවරුන් දෙදෙනෙක් විසින් මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් භාරගැනීම වෙනුවෙන් ඇති වූ අර්බුධකාරී තත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

සැමියගේ දේහය බෙදා ගන්න බිරුන්දෑවරු දෙන්නෙක් අමුතු සටනක.. | Death One Person At Panadura

ඒ අද (22) පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ ය.

එය විසදීමට පොලීසිය ද මැදිහත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු ය.

ඊයේ (21) සිය නිවසේ දී ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් ය.

ඔහුව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගිය පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන ඇති අතර, දෙවන විවාහයේ බිරිඳ සමග මියයන අවස්ථාව වන විට ජීවත්ව තිබෙනවා.

මොහුගේ පළමු කසාදයේ බිරිඳ නීතිඥවරියක් වන අතර ,දෙවන කසාදයේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරිනියක් බව වාර්තා වේ.

එමෙන්ම කසාද දෙකෙහිම දරුවන් කිහිප දෙනෙක් සිටින බව සඳහන් වේ.

මෙම මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා විසින් සිදුකර ඇත.

ඉන්පසු දේහය ඥාතීන්ට භාරදීමට සූදානම්ව ඇති අතර එම අවස්ථාවේදී දේහය තමාගේ නිවසේ තැන්පත් කරවීමට අවශ්‍ය බව පළමු කසාදයේ බිරිඳ පවසා තිබෙනවා.

නමුත් දෙවන කසාදයේ බිරිඳ පවසා ඇත්තේ එසේ දේහය ලබා දෙන්නේ නම් තමාට සහ තමාගේ ඥාතීන් මිතුරන් ඇතුළු සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බවටයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇති වූ කතාබහ දුරදිග යාමට ඉඩ ලබා නොදී පොලිසියේ මැදිහත්වීමෙන් දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ දෙපිරිසේම එකඟතාවය මත ය.

කෙසේ වෙතත්, දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා කිසිදු ගැටුමකින් තොරව අවසන් කටයුතු සිදු කරන ලෙස දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා විය.