තමා විසින්ම වල් ඌරන්ට ඇට වූ උගුලකට අසු වී පුද්ගලයෙක් මිය යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 22, 2023 05:07 PM GMT
Report

තමන් විසින්ම වල් ඌරන් මැරීමට ඇට වූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ පල්ලෙකැලේ බෝගහපිටියවත්ත කෙංගල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් ය.

මෙම අනවසර විදුලි රැහැන් ඇද ඇත්තේ ඔහු පදිංචි නිවෙස ඉදිරිපිට ඇති වෙල් යායේ ය.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ ඔහු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි.