තුනක් ගෙදරටම ඇවිල්ල කරලා ගිය දෙයක් නිසා ජීවිතයක් අහිමි වෙයි..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
Latest Headlines
By krishani
ඊයේ (24) රාත්රියේ මහවෙල, වෙලේමුල්ල ප්රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මාදිපොල ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙක් ය.
පොලිසිය සඳහන් කළේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මෙම පුද්ගලයාගේ නිවසටම පැමිණ පොලුවලින් පහර දී ඇති බවයි.
පහර කෑමට ලක් වූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් මාදිපොල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
කෙසේ වෙතත්, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.