පෙම්වතියගේ මිය යාම දරාගත නොහැකිව පෙම්වතා ගෙල වැළලාගෙන.

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Jun 27, 2023 02:46 AM GMT
Report

පෙම්වතිය මිය ගොස් දින කිහිපයකට පසු දිවි නසා ගත් තරුණයකු සම්බන්ධව පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ ඇය නොමැතිව ජීවත් වෙන්නට නොහැකි බව පවසා ය.

එලෙස මියගිය පුද්ගලයා බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් ය.

මෙම තරුණයාගේ පෙම්වතිය මීට දින කිහිපයකට ඉහතදී සියදිවි නසා ගෙන ඇත්තේ පවුලේ ඇති ප්‍රශ්න නිසා ය.

එලෙස පෙම්වතියගේ මියයාමෙන් පසුව ඇයව නොමැතිව සිටිය නොහැකි බව පවසමින් මෙම තරුණයා ගෙල වැළලාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔහු ගෙල වැළලා ගැනීමට පෙර ඔහුගේ පෙම්වතිය ගැන තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇත.