මරු කැඳ වූ අවාසනාවන්ත සෙල්ෆිය..

Sri Lanka Accident
By krishani Sep 04, 2022 07:31 AM GMT
Report

හල්දුම්මුල්ල - උදවේරියවත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය 02වනදා තරුණයින් දෙදෙනෙකු උදවේරියවත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ ගලා බසින දිය ඇල්ලක් නැරඹීමට ගොස් තිබුණ අතර එහිදී එක තරුණයෙකු සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේ දී පය ලිස්සා ඇල්ලට ඇද වැටී ඇත.

සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහලින් වූ දිය වලක තිබී තරුණයාගේ මළ සිරුර හමුවී තිබෙන අතර  මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join