තෙරපීමකින් 09ක් මිය යයි - විශාල පිරිසක් රෝහල්ගත කරයි.

Football
By krishani May 21, 2023 09:50 AM GMT
Report

මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගණයක සිදු වූ තෙරපීමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එරට ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර කස්කට්ලාන් ක්‍රීඩාංගණයේ දී ය.

එහි පැවැත්වෙන පාපන්දු තරගයක් නැරඹීම සඳහා ඇතුලුවීමට රසිකයන් විශාල පිරිසක් උත්සහ දැරූ අවස්ථාවේදී මෙම තෙරපීම සිදු වී ඇත්තේ.

කෙසේවෙතත්, තුවාල ලැබූ විශාල පිරිසක් මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join