අකුණු සැර යුවළකට ගෙනා සංවේදී ඛේදවාචකය..
Sri Lanka
By krishani
නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 38 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට පසුගිය 13වනදා අකුණු සැර වැදී තිබූ අතර ඉන් එක් පුද්ගලයෙකු ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇත.
එසේ ජීවිත්කෂයට පත්ව ඇත්තේ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නමැති පුද්ගලයා ය.
පසුගිය 13 වනදා සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස අකුණු සැර වැදී ඔවුන් අනතුරට පත්ව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |