ට්‍රැවලින් බෑගයකින් හමුවූ අවුරුදු 22කේ තරුණියගේ මළසිරුර..හේතුවත් හෙළිවෙයි(VIDEO)

India Accident
By Aruna Nov 23, 2022 07:03 AM GMT
Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මදුරා නගරයේ අධිවේගී මාර්ගයක් අසල දමා ගොස් තිබූ සංචාරක ගමන් මල්ලක තිබි තරුණියකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරන්නේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියා වන නිතේෂ් කුමාර් යදම් හා මව බ්‍රාජ්බාලා අත්අඩංගුවට ගෙන සිටින බවයි.

ඔවුන් දෙදෙනා දියණිය ඝාතනය කොට සිරුර පොලිතින්වලින් ඔතා ගමන් බෑගයට දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පසුව එය අධිවේගී මාර්ගය අසලට ගෙනිවිත් දමන්නට ඇති බව පොලිසියේ අනුමානයය.

මේ සම්බන්ධනේ යදම් හෝ බ්‍රාජ්බාලි කිසිදු ප්‍රකාශයක් කර නැත.

නමුත් ඔවුන් එම සිද්ධිය සලකන්නේ ‘ශුද්ධ වූ ඝාතනයක්’ ලෙසනි.

මෙවැනි ඝාතන ඉන්දියාවේ ග්‍රාමීයය ප්‍රදේශ ආශ්‍රිතව දුර්ලභ සිද්ධියක් නොවේ.

බොහෝ විට ඊට මුහුණ දීමට සිදුවන්නේ තරුණ වියේ පසුවන කාන්තාවන් හෝ පිරිමින්ය.

සිය සාම්ප්‍රදායික කුල සිරිත් කඩ කිරීම මෙවැනි මරණයකට ලක් කිරීමට ප්‍රධාන හේතුවයි.

වැඩිපුරම ඊට ගොදුරු වන්නේ සිය කුලයට පිට අයකුට ආදරය කරන හෝ විවාහ වන පුද්ගලයන්ය.

පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට 22 හැවිරිදි ආයුෂි චෞද්රි නම් මෙම තරුණිය දිල්ලියේ පෞද්ගලික පාසලක ශිෂ්‍යාවකි.

ඇය වෙනත් කුලයක පුද්ගලයකු සමග විවාහවීම නිසා පසුගිය 11 වැනිදා ඇගේ මාපියන් සමග ගැටුමක් සිදුවී තිබේ.

පසුව ඔවුන් ආයුෂි ඝාතනය කොට එදින රාත්‍රියේම ගමන් බෑගයට දමා මදුරාහි යමුනා අධිවේගි මාර්ගය අසලට ගෙනවිත් දමා ඇති බව මූලික විමර්ශණවලදී හෙළිවී ඇත.

සිරුර සොයා ගැනීමෙන් පසු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇගේ හිසේ, මුහුණේ හා සිරුරේ තවත් ස්ථාන කීපයකම තුවාල පවතින බවයි.

මරණයට ආසන්න හේතුව ලෙස සඳහන් වූයේ පපුවට එල්ල වූ දැඩි ප්‍රහාර දෙකකින් ඇය මරණයට පත් වූ බවය.

මේ වනවිට යාදව් සතුව තිබී ලියාපදිංචි කළ තුවක්කවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව මළ සිරුර රැගෙන යෑමට භාවිත කළ මෝටර් රථයද නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙවැනි ඝාතනය කිරීම් වැඩි වශනේම වාර්තා වන්නේ උතුරු දිග ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, රාජස්ථාන්, තමිල්නාඩු වැනි ප්‍රාන්තවලිනි.

ඉනුත් බහුලවම ඝාතනයට ලක්වී ඇත්තේ උත්තර් ප්‍රදේශ්හි වැසියන්ය.

ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාලයේ දත්තවලට අනුව එහි ශුද්ධ වූ ඝාතන 4,732ක් මේ දක්වා වාර්තා වී තිබේ.

මේ සඳහා ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ විශේෂයෙන් සඳහන් වී නැති වුවද ඊට වරදකරුවකු වන පුද්ගලයකු 299 වන වගන්තිය යටතේ මරණ දඬුවමට හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට අධිකරණයට බලය තිබේ.

මෙම සිදුවීමට අදාල වීඩියෝ දර්ශන පහතින් දැක්වේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now