එකම ගගෙන් මරණ දෙකක්.. බොල්ගොඩ ගගේ සිදුවූ ව්‍යාපාරික මරණය..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Jun 25, 2023 01:05 PM GMT
Report

පානදුර බොල්ගොඩ ගඟේ ජෙට්ස්කි ධාවනෙය් යෙදෙමින් සිටිය දී සිදුවු අනතුරකින් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ සිරුර ප සොයාගෙන තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පානදුර දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටී එෂාන් විතාන නමැති 42 හැවිරිදි අවිවාහක මාළු ව්‍යාපාරිකයෙක් බවයි සදහන් වන්නේ

එම පුද්ගලයා පුරුද්දක් ලෙස රස්කින් දූපත ආසන්නයේ බොල්ගොඩ ජලාශයේ විනෝදාංශයට ජෙට් ස්කි පදිමින් සිටින අයෙකු බව වාර්තා වනවා.

  ඔහු අද දිනයේද ජෙට් ස්කි පදිමින් විනෝද වෙමින් සිටියදී පෙරවරු 10.05ට පමණ ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදුවු අනතුරෙන් පසුව දියේ ගිලී තිබුණු අතර ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොළට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මේ අතර ඊයේ රාත්‍රියේ අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරද බොල්ගොඩ ගගෙන් සොයාගෙන තිබුණා..