නාඳුනන මළ සිරුරු 02ක් වැල්ලවත්ත සහ බම්බලපිටිය වෙරළෙන් හමුවෙයි.(UPDATE)

Police Bambalapitiya Death body Wellewaththe Wellawaththa police Wellawaththe beach Bambalapitiya beach
By Aruna Jan 10, 2022 07:23 AM GMT
Report

(UPDATE)

බම්බලපිටිය වෙරළ තීරයේ තිබී නාදුනන තවත් මළ සිරක් හමුවී තිබෙනවා.

එම මළ සිරුරත් පිරිමි මළ සිරුරක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මීට පෙර අද දිනයේම වැල්ලවත්ත වෙරළට ද මෙලෙස නාදුනන මළසිරුරක් ගොඩගසා තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගගන ප්‍රවෘත්ති අංශය වැල්ලවත්ත පොලීසියෙන් ද විමසීමක් කළා.

එහිදී පොලීසිය වැඩිදුරටත් පැවසුවේ,මෙම මළ සිරුර කාගේද යන්න මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි අප සමග කියා සිටියේ.

................................................

හිස නැති මළ සිරුරක් වැල්ලවත්තෙන් හමුවෙයි.

කොළඹ - වැල්ලවත්ත මුහුදු වෙරළට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා පැමිණ තිබෙනවා.

අද පෙරවරුවේ එම සිරුර ගොඩට, ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හිසක් නොමැතිව හමුවූ සිරුර සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවද ඔහු කියා සිටියා.

මෙලෙස ගොඩබිමට ගසාගෙන පැමිණ ඇති මළසිරුර පිරිමි මළ සිරුරක් බවත්, ප්‍රදේශය පුරා දුගඳ හමන බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගගන ප්‍රවෘත්ති අංශය වැල්ලවත්ත පොලීසියෙන් ද විමසීමක් කළා.

එහිදී පොලීසිය වැඩිදුරටත් පැවසුවේ,මෙම මළ සිරුර කාගේද යන්න මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි අප සමග කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now