නිසල සිරුරු 121ක් සමග ඉහල අහසේ තනිව ගමන් කල හොල්මන් ගුවන් යානය මෙය සත්‍ය සිදුවීමක්

horror Internasional
By Sithumi Jan 13, 2022 04:28 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

2005 වසරේ අගෝස්තු මස 14 වන දින මගීන් සහ කාර්ය මණ්ඩලයේ 121 දෙනකු සමගින් helios ගුවන් සේවයට අයත් ගුවන් යානය සයිප්‍රස් වලින් පිටත් වූයේ ග්‍රීසියේ ඇතෑන්ස් වලට යන්නයි.සාමාන්‍ය ගුවන් ගමනක් ලෙස උදෑසන නවයට පමණ කිසිදු ගැටළුවක් නොමැතිව පිටත් වූ වත් ටික වෙලාවකට පසුව ගුවන් නියමුවන් පණිවිඩයක් නිකුත් කරමින් මගීන්ට පවසා තිබුණේ ගුවන් යානයේ යම්කිසි දෝෂයක් හටගෙන ඇති බවයි.

ඉන්පසු කීප සැරයක්ම එම ගුවන් යානය සමඟ සම්බන්ධතාවය ඇති කර ගැනීමට මෙහෙයුම් මැදිරිය උත්සාහ කළත් එය අසාර්ථක වුණා.ඒ වුණත් රේඩාර් වලට අනුව ගුවන් යානය නියමිත පරිදි ගමන් කරමින් තිබුණා.නමුත් නියමුවන් කලින් සඳහන් කළ දෝෂය සහ ඉන්පසුව ගුවන් යානය සම්බන්ධ කර කර ගැනීමට නොහැකි වීම නිසා මේ පිළිබඳව සොයා ගැනීමට ග්‍රීසිය කටයුතු කළා.මොකද ඒ වන විට ගුවන් යානය ග්‍රීසියේ ඇතැන්ස් කලාපයට ඇතුළු වෙලයි තිබුණේ.

ඒ නිසා ග්‍රීක ගුවන් හමුදාවට අයත් f සික්ස්ටීන් ජෙට් යානා දෙකක් ගුවන් ගත කරනවා.එම ජෙට් යානා දෙක ගුවන් යානයේ ආසන්නයටම ගොස් නිරීක්ෂණය කරන විට දුටුවෙ පුදුම හිතන දර්ශනයක්.එහි ගමන් කළ මගින් සියලු දෙනාම වගේ සිහිසුන් වී ඇතැයි ඔවුන්ට දකින්නට පුළුවන් වුණා.ඒ වගේම හදිසි අවස්ථාවක දී ලබා දෙන ඔක්සිජන් මුහුණු ආවරණ පවා එල්ලෙමින් තිබුණ.

නියමු කුටිය දෙස බලන විට නියමුවන් දෙදෙනා ත් සිහිසුන් ව ඇති බව ඔවුන්ට එම අවස්ථාවේ දී දැක ගන්නට පුළුවන් වුණා.ඒ වුණත් ගුවන් යානය අදෘශ්‍යමාන බලවේගයකින් පාලනය කරනවා වගේ කිසිම ගැටලුවකින් තොරව ගුවන තුළ ගමන් කරමිනුයි සිටියේ.හදිසියේම ජෙට් යානා තුළ සිටි නියමුවන්ට දැකගන්නට ලැබුණේ නියමු කුටියට පැමිනෙන අත්භූත පුද්ගලයෙක්.ඔහු ඔක්සිජන් ලබා ගන්නා මාස්ක් එකක් පැලද සිටියේත් නෑ.ඔහු නියමු කුටියට පිවිස යානයේ පාලනය ගන්න උත්සාහ කරන බවක් ඔවුන්ට දැක ගන්නට පුළුවන් වුණා.

කොහොම වුණත් ඊට ටික වේලාවකට පසුව ගුවන් යානයේ එන්ජින් අක්‍රිය වී යානය ග්‍රීසියේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ගමන් කළ සියලු දෙනා ම මිය ගියා.නමුත් පසුව සිදුකල පර්යේෂණ වලදී ඔප්පු වුණේ ගුවන් යානය කඩා වැටෙන මොහොත වන විටත් ඔවුන් සියලු දෙනාම මියගොස් සෑහෙන වේලාවක් ගත වී තිබුණු බවයි.මගීන් මෙන්ම නියමුවන් ද හිටි හැටියේ ම මිය ගියේ කෙසේ දැයි යන්න ගැටලුකාරී පැනයක් මතු වෙනවා.ඔවුන් සියලු දෙනාම මිය ගිය ත් ගුවන් යානය පැය එකහමාරකට ආසන්න කාලයක් අහසෙ ගමන් කළේ කෙසේ ද?

මගීන් සහ ගුවන් නියමු වරුන් යන සියලු දෙනාම මිය ගොස් සිටියදී නියමු කුටියට පැමිණි අභිරහස් පුද්ගලයා කවුද?මේ වගේ ගැටලු රාශියක් මෙම අත්භූත සිදුවීම තුළ පැන නගිනවා.ඉතින් අද අපි එම අද්භූත සිදුවීම පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්නට සිතුවා. ඇත්තටම කතාව කියන්නටත් කලින් ප්‍රථමයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා.ඒ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක්.

2005 වසරේ දී සිදු වූ ලොවම කැළඹීමකට පත් කළ මෙම සිදුවීම හැඳින්වුනේ හොල්මන් ගුවන් යානයේ කතාව විදිහටයි.උදෑසන 9.07 ට සයිප්‍රස් සිට ග්‍රීසියේ ඇතැන්ස් නුවර දක්වා පිටත් වන මෙම ගුවන් යානය පදවමින් සිටියේ බොහොම පළපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙක් විසින්.හරියටම උදෑසන 9.12 වන විට ගුවන් යානයේ තිබුණේ අඩි 12040 ක ඉහළ අහසේ.හදිසියේම ගුවන් යානයේ අනතුරු ඇඟවීමේ සීනුවක් නාද වෙන්නට ගන්නවා.

සාමාන්‍යයෙන් මෙම සීනුව නාද වන්නේ ගුවන් යානය ගුවන්ගත කිරීමට සුදුසු නැති තත්ත්වයක් හඟවන්නයි. ඒ වුණත් මේ සීනුව නාද වන විට ගුවන් යානය තිබුණේ අඩි 12040ක ඉහළ අහසේ.නියමුවන් දෙදෙනාටම කොයි තරම් පළපුරුද්දක් තිබුනත් මේ සිදුවීම පිළිබඳව ඔවුන්ටවත් හිතාගන්න බැරි වුණා.යානය ගුවන් ගත කිරීමට පෙර පොළොවෙදී ම නාද විය යුතු සීනුව අඩි 12000 ක ඉහළ අහ්සේ දී නාදය උන එක ගැන ඔවුනට දැඩි ප්‍රහේලිකාවක් වුණා.

ඊට පස්සේ නියමුවන් දෙදෙනා ගුවන් යානය අඩි 18 000 දක්වා තවත් ඉහලට ගන්නවා.මේ වෙලාවෙදි නියමු කුටිය තුළ තවත් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වෙනවා.ඒ සංඥාවට අනුව යානය තුළ කුමක් හෝ බරපතළ ගැටලුවක් තිබෙන බව හඟවනවා.ඒත් සමඟම ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් යානා ප්‍රධාන මැදිරිය සමඟ සම්බන්ධ වනවා.

එහිදී ගුවන් නියමුවන් දෙදෙනා පවසා සිටින්නේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.ඒ වුණත් මෙහෙයුම් මැදිරියේ සිටි ඉන්ජිනේරුවරයා නියමුවන් ගෙන් අහන්නේ ගුවන් යානයේ පීඩන පැනලය auto mode දාලද කියල පරීක්ෂා කරලා බලන්න කියලා.නමුත් ඒ ගැන නොසලකා හරින නියමුවන් කියන්නේ යානයේ සිසිලන පද්ධතියේ දෝෂයක් ඇතැයි තමන්ට අවබෝධ වී ඇති බවයි.එනිසා ප්‍රධාන නියමුවා ඉංජිනේරුවරයාගෙන් අහන්නේ කූලින් බ්‍රේකර් සර්කිට් තියෙන්නෙ කොතනද යනුවෙනි.

මේක තමයි ගුවන් නියමු වරුන් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වී අවසාන වරට කතා කරලා තියෙන්නේ. මේ වන විට යානය අඩි 34 000 කට ඉහළින් ගමන් කරලයි තිබුණේ.එකවරම මගීන්ගේ ආසන වලට ඉහලින් තිබෙන ඔක්සිජන් ආවරණ සියල්ලම නිදහස් වෙනවා.යානය ඇතුළෙ පීඩන වෙනසක් සමග මගීන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනෙනවා.ඒ නිසා මගීන් සියලුම දෙනා oxygen mask එක මගින් හුස්ම ගැනීමට පටන් ගන්නවා.9.20 පහු වෙනවත් එක්කම ගුවන් යානයත් මෙහෙයුම් මැදිරිය අතර තිබුණු සම්බන්ධය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා

.නමුත් රේඩාර් දත්ත අනුව ගුවන් යානය නියමිත මාර්ගයේ ගමන් කරමින් සිටින බව පෙනෙන්නට තිබුණා.මෙහෙයුම් මැදිරිය අවස්ථා 20 කදී පමණ ගුවන් යානයේ නියමු කුටිය හා සම්බන්ධ වීමට උත්සාහ කළත් සියලුම ප්‍රයත්න අසාර්ථක වනවා. යානය යම්කිසි ත්‍රස්තවාදී ග්‍රහණයකට හසු වී ඇත්දැයි සැකයක් ඔවුනට මතුවෙනවා.මේ වනවිට ගුවන් යානය ග්‍රීසියේ ඇතැන්ස් කලාපයට ඇතුල් වෙමිනුයි තිබුණේ.ඒ නිසා ග්‍රීක ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් ගුවන් ගත කරනවා.

11.23 වන විට ජෙට් යානා දෙකම මෙම ගුවන් යානය අසලටම ළඟා වෙනවා.කිසිම ගැටලුවකින් තොරව ගුවන් යානය ගමන් කරමින් තිබුනත් යානයේ ඇතුළත යම් කිසි අමුත්තක් දැකගන්නට ලැබෙනවා.සියලුම ගුවන් මගින් සිහිසුන්ව සිටින බවක් ජෙට් යානා නියමුවන්ට දකින්නට පුළුවන් වනවා.ඒ වගේම මගීන්ට ඉහළින් ඔක්සිජන් ලබා දෙන මුහුණු ආවරණ එල්ලෙමින් තිබුණා.නියමු කුටිය දෙස බලන විටත් නියමුවන් දෙදෙනා සිහිසුන් ව ඇද වැටී සිටින බවක් දැකගන්නට පුළුවන් වනවා.යානය ඒ වන විට ස්වයංක්‍රීය ධාවනයකයි තිබුණේ.

සැක කළ පරිදි යානය තුළ කිසිදු ත්‍රස්තවාදී ග්‍රහණයක් සිදු වී නොමැති බව ඔවුන් තහවරු කර ගන්නවා.ඊට මිනිත්තු කිහිපයකට පසුව ගුවන් යානයේ නියමු කුටිය තුල යම්කිසි චලනයක් සිදුවන බව ජෙට් යානා නියමුවන්ට දැකගන්නට ලැබෙනවා.යම්කිසි අද්භූත පුද්ගලයෙකු නියමු කුටිය තුළට පිවිස යානය පාලනය කරන්නට උත්සාහ දරමින් සිටියා.

ඒ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සිටි ඇන්ඩ්‍රියාස් නම් පුද්ගලයා බව පසුව හඳුනා ගන්නවා.ඔහුට ගුවන් යානා පැදවීමට බලපත්‍රයක් තිබූ අයෙක් වුවත් මෙවැනි විශාල යානා පැදවීමේ පළපුරුද්දක් තිබුණු අයෙක් නොවේ.නමුත් ඔහු යානය සිය පාලනය යටතේ ගැනීමට උත්සාහ කරලා තිබෙනවා.අවාසනාවකට මෙන් ඒ මොහොතේ ගුවන් යානයේ වම් පස එන්ජිම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා යානය පාලනය කර ගැනීමට ඇන්ඩ්‍රියාස් හට හැකියාවක් නැති උනත් වූ යානය ඇතැන්ස් වලින් පිටතට හරවා ගැනීමට සමත් වෙනවා.

ඒ සමඟම යානය පාලනයකින් තොරව ගිහින් තිබුණා.වම් පස එන්ජිම ක්‍රියාවිරහිත වී හරියටම මිනිත්තු දහයකට පසුව දකුණු පස එන්ජිමත් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.හරියටම 12 පසුවී තුන්වන මිනිත්තුවේ දී හීලියෝස් 552 ගුවන් යානය කඳුකර පෙදෙසක ට කඩා වැටෙනවා.යානය තුල සිටි සියලුම දෙනා අනතුර සමග මියගොස් තිබෙනවා.මේ අනතුර සම්බන්ධයෙන් ග්‍රීක රජය විමර්ශනයක් ආරම්භ කරනවා.

මේ විමර්ෂණය නිසා හීලියෝස් 552 ගුවන් යානය කඩා වැටීමට හේතු වූ කරුණු රාශියක් අනාවරණය කරගෙන තිබෙනවා.යානය ගුවන් ගත කිරීමට පෙර ඉංජිනේරුවරයන් කර පරීක්ෂාවේ දී යානයේ මගී කුටියේ පීඩන ස්විචය auto සිට manual දක්වා කරකවා තිබෙනවා.යානය පිටත්වීමට පෙර එය නැවතත් auto ලෙස වෙනස් කිරීමට ඉංජිනේරුවන් කටයුතු කර තිබුණේ නැහැ.ඒ වගේම වසර ගණනාවක පළපුරුද්දක් තිබුණු නියමුවන්ට ත් එය පරීක්ෂාකර නැවතත් ඔටෝ ලෙස තැබීමට අමතක වී තිබෙනවා.මේ හේතුවෙන් යානය තුල පීඩනය වෙනස් වී ඔක්සිජන් මට්ටම අවම වී තිබුණා.යානය තුළ පීඩන වෙනසකදී හදිසි ඔක්සිජන් සැපයුම ලබා දෙන්නේ රසායනික උත්පාදක ක්‍රියාවලියකින්.

නමුත් මේ ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වෙන්නේ මිනිත්තු 12 ක කාලයක් සඳහා පමණයි.ඒ කාලය තුළ යානය තුළ ඇති පීඩන වෙනස නිවැරදි කර ගන්න නියමුවන්ට හැකියාවක් ලැබෙනවා.නමුත් අවාසනාවකට මෙය තේරුම් ගන්න නියමුවන් අපොහොසත් වී තිබෙනවා.මෙහෙයුම් මැදිරිය අමතා දෝෂයක් ඇති බව පැවසූ මොහොතේදී ත් ඉංජිනේරුවන් පවසා තිබුණේ යානයේ පීඩන ලීවරය පරීක්ෂා කර බලන ලෙසයි

.නමුත් ඒ ගැන නොසලකා නියමුවන් කියා තිබුණේ සිසිලන පද්ධතියේ ගැටලුවක් නිසා මේ දෝෂය සිදුවන්නට ඇති බවයි.අවසානයේ ඔක්සිජන් හිඟ වීමෙන් මගීන් සහ නියමුවන් පළමුව සිහිසුන් වී පසුව මිය ගොස් තිබෙනවා.නමුත් ඔවුන් ගමන් කරමින් තිබූ උසත් සමග යානයේ කිසිම මෙහෙයවීමකින් තොරව ම පැය එකහමාරකට ආසන්න කාලයක් පියාසර කර තිබෙනවා.යානයෙහි සියලුම දෙනා මිය ගොස් තිබියදී මෙලෙස පැයකට අධික කාලයක් ගුවනේ පියාසර කළ නිසා මේ ගුවන් යානය හොල්මන් ගුවන් යානය විදිහට හඳුන්වන්නට පටන් ගත්තා.ගුවන් යානයේ පාලනය අතට ගැනීමට සූදානම් වූ අද්භූත පුද්ගලයා ගුවන් යානා නියමු සේවකයෙක් වන ඇන්ඩ්‍රියා නැමැති පුද්ගලයා යි.අනෙක් හැමෝම මියගියත් ඔහු මිය ගියේ නැත්තේ ඇයි කියලා කාටත් ගැටලුවක් පැන නගිනවා.

එයට හේතුව වන්නේ ගුවන් යානය තුළ අමතරව රැගෙන යා හැකි ඔක්සිජන් සිලින්ඩර කිහිපයක් තිබෙනවා.ඒ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න .ඇන්ඩ්‍රියාස් එවැනි උපකරණයක් භාවිතා කරමින් තමයි අවසානයේ තුරුම ජීවත්ව සිටිමින් යානය බේරා ගන්න උත්සාහ දරා තිබුණෙ.නමුත් වෙන්න තිබූ විශාල විනාශයක් මග හරිමින් යානය කඳුකර ප්‍රදේශයක් වෙත හැරවීමට ඔහුට හැකියාව ලැබුණා.ඉතින් අදටත් මේ ගුවන් යානය හඳුන්වන්නේ හොල්මන් ගුවන් යානය නමින්.ඉතින් අපගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙවන් අනතුරු යළි කිසිදාක සිදු නොවේවා යි යන්නයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now