හික්කඩු ගිය විදෙස් ජාතිකයාට සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න..

Sri Lanka Police Galle Accident Death
By Aruna Apr 06, 2024 02:10 AM GMT
Report

හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් වාර්තා වනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඊයේ (05) සවස් කාලයේ දී බවයි ‍පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.