සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළි වේ..

Sri Lanka Police Crime
By krishani Jan 18, 2023 04:18 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (17) දින කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරිමේ පුවතක් වාර්තා විය. 

එයට හේතුව වෙනත් සබඳතාවක් මුල් කරගෙන බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

අදාළ සිසුවිය විසින් තවත් තරුණයෙකු සමඟ සබඳතාවක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් ඝාතනය සිදු කළ සිසුවා සහ ඇය අතර මතභේදයක් හටගෙන තිබිණ.

සිය පෙම්වතිය වෙන කෙනෙකුගේ වෙනවා දැකීමට ඇති අකැමැත්ත නිසා මෙම ඝාතනය සිදු කළ බවට සිසුවා ප්‍රකාශ කර ඇති බව මේ වන විට විමර්ශනවලින් හෙළි වී ඇත.

ඒ පිළිබඳ සාකච්ඡා කර ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රේම සබඳතාව නැවැත්වීම සඳහා ඊයේ (17) දිනය යොදාගෙන ඇත.

ඔවුන් දෙදෙනා ඒ සදහා කොළඹ තුරග තරග පිටියට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී සිසුවා විසින් සිසුවියගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇත.

ඇය එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූ අතර සැකකාර සිසුවා වැල්ලම්පිටිය පොලිසිය මගින් ඊයේ පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join