ප්‍රවීණ රංගන ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි කතරට සමු දෙයි..

Sri Lanka
By krishani Nov 21, 2022 01:50 AM GMT
Report

ප්‍රවීණ රංගණ ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා ඊයේ (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ ඔහුගේ දළුගම පිහිටි නිවසේදී ය.

ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා ද ඔහු වන අතර ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙස ද ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේ ය.

අවසන් කටයුතු හෙට පස්වරුවේ දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join