ට්‍රක් රථයක මළසිරුරු 18ක් - මළ සිරරුවලට අමතරව පුද්ගලයන් 34ක් ඉදලා.. දරුවන් 05ක් ද ඒ අතර..
මළ සිරුරු 18ක් තිබූ ට්‍රක් රථයක් බල්ගේරියානු පොලිසිය විසින් පසුගිය දා සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අතර කුඩා දරුවකුගේ සිරුරක් ද හමු වී ඇත.
එම මළ සිරරු වලට අමතරව පුද්ගලයන් 34 දෙනකු ද ට්‍රක් රථය තුළ සිට ඇති අතර ඒ අතර දරුවන් පස් දෙනෙකු ද සිට ඇත.
ඔවුන් සියලුදෙනා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව මාධ්‍ය වාර්තා කළේ.
ට්‍රක් රථයේ සිටි පුද්ගලයන් සංක්‍රමණිකයන් බවට එරට ආරක්ෂක අංශ විශ්වාස කරන අතර පොලිසිය පවසන්නේ ඔවුන් ඇෆ්ගනිස්තාන ජාතිකයන් විය හැකි බවය.
ඔවුන් දින ගණනක් තිස්සේ කුසගින්නේ සිට ඇති අතර දැඩි ශීතලෙන් සහ ඔක්සිජන් හිඟකමෙන් පීඩා විඳිමින් සිට ඇත.
මෙම ට්‍රක් රථය හමු වී තිබුණේ බල්ගේරියාවේ අගනුවර වන සොෆියා හි සිට කිලෝ මීටර් 20ක් පමණ ඊසාන දෙසින් පිහිටි ලොකෝර්ස්කෝ නැමැති ගම්මානයකින් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |