වැව් පත්ලේ සැඟ වී ගිය, හද කම්පා කරවන පාසල් සිසුවාගේ මරණය.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Jun 12, 2023 03:38 AM GMT
Report

ඊයේ (11) දහවල්, ලග්ගල - තොරපිටිය වැවේ දියනාමින් සිටි සිසුන් පිරිසක් අතුරින් එක් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ, 17 හැවිරිදි මාදම්පේ, හලාවත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් වේ.

මොවුන් හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මොරගහකන්ද ජලාශය නැරඹීමට පැමිණ තිබෙනවා.

පසුව තොරපිටිය වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර  සිසුන් 10දෙනෙකු පමණ දියනාමින් සිට ඇත.

මියගිය සිසුවාගේ මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.