අධික ශීතල දරාගත නොහැකිව 12ක් මිය යයි.. (විදෙස්)
United States of America
By krishani
ඇමරිකාවේ පවතින අධික ශීතල හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
පවතින අධික ශීත කාලගුණ තත්වය එරට කෝටි දෙකකට පමණ ජනතාවකට බලපෑම් එල්ල කළ හැකි බවත් මේ වනවිටත් ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇත.
පවතින හිම කුණාටු තත්වය හේතුවෙන් නිවාස රැසකම විදුලිය ඇණහිට තිබෙන අතර ඇතැම් පිරිස් ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කර ඇත්තේ මෙම ශීත කාලගුණයට මුහුණදීමට ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |