ගංවතුරින් 10ක් ජිවිතක්ෂයට - රජයෙන් හදිසි නියෝගයක්. (විදෙස්)

By krishani Feb 18, 2023 12:47 AM GMT
Report

පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දකුණු මොසැම්බික් අගනුවර වන Maputoහි පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇත.

43,426 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනයේ සභාපති Luisa Meque පවසයි.

ගංවතුර පවතින ප්‍රදේශවල සිටින ජනතාවට රජයේ ඉවත් කිරීමේ නියෝගවලට අනුකූල වන ලෙස Maputo පළාතේ ආණ්ඩුකාර Julio Parruque දැනුම් දී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එසේ නොමැතිනම් බලහත්කාරයෙන් හෝ ඉවත්කරන බවට දැනුම් දී ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join