ජිවිත 07ක් නැති කළ දැවැන්ත කොහොඹ ගස..
India
Accident
By krishani
ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ දැවැන්ත කොහොඹ ගසක් ටකරන් මඩුවක් මතට කඩාවැටී හත්දෙනෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ආගමික උත්සවයක් අතරතුර දී ය.
පැවති වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස් මෙම ටකරන් මඩුව තුළ එක්රැස් වී තිබෙනවා.එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇත්තේ.
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය අමාත්‍ය දේවේන්ද්‍ර පඩ්නාවිස් පවසා ඇත්තේ, සිද්ධියෙන් මරණයට පත් අය සඳහා වන්දි ලබාදෙන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |