මියගිය පුතුගේ උපාධිය කඳුළු වගුරවමින් මවගේ දෑතට..!

Jaffna University of Jaffna Sri Lanka
By Sewvandhi Jul 21, 2023 11:24 AM GMT
Report

යාපනය සරසවියෙන්,  මිය ගිය පුතුගේ උපාධි සහතිකය කඳුළු පිරි දෙනෙතින් ලබා ගත් මවක් පිළිබඳ සිද්ධියක් වාර්තා වනවා.

ඊයේ (20) යාපනය සරසවියේ 37 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වී ඇති අතර, එහිදී මෙම හැඟුම්බර අවස්ථාව උදා වී තිබෙනවා.

මෙසේ සිය පුතුගේ උපාධිය ,මැදවච්චියේ මවක විසින් ලබාගෙන ඇති අතර, ඔහු යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලද දිසානායක මුදියන්සේලාගේ හසාන් සාගර දිසානායක නමැති ශිෂ්‍යයෙකි.

ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබු හසාන් සාගර දිසානායක, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

හසාන්ගේ උපාධිය ලබාගත් අවස්ථාව හැඟුම්බර අවස්ථාවක් වූ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා දරුවන්ද සිය ආසනවලින් නැගිට හසාන් සිහිපත් කළ බව සඳහන්ය.