බලුලුවැව තිබී නාදුන මළ සිරුරක් සොයා ගැනේ..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිසියට ලද තොරතුරකට අනුව, සිදුකළ විමර්ශනවලදී කලාවැව - බලුලුවැව තිබී, නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.අදාළ පුද්ගලයා මිය ගිය ආකාරය තවමත් අනාවරණය කර ගෙන නැති බවයි ගල්කිරියාගම පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන පිරිමි පුද්ගලයකු වන අතර මළ සිරුර සොයා ගන්නා අවස්ථාව වනවිට පැවැති තත්ත්වය අනුව, ඔහු දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවයි පොලිසිය අනුමාන කරන්නේ.
කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම් ගස්සාලි අද (05) පස්වරුවේ එම ස්ථානයට පැමිණ අදාළ සිරුර සිද්දිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එම මළ සිරුර දඹුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |