දයාසිරිගෙන් රට ගැන භයානක හෙළිදරව්වක්..ජනපතිට ලිපියකින් සියල්ල දන්වයි..
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව දේශාලනික වශයෙන් දරුණු අරාජිකත්වයක් කරා ගමන් කර ඇති අතර ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී හමාර බවයි.
රට තුළ නාගරික ග්‍රාමීය හා වතුකර දිළින්දන් පමණක් නොව ධනවත් පුරවැසියන් පවා බලශක්ති හිගයෙන් හා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයෙන් අප්‍රමාණ ලෙස පිඩාවට පත්ව සිටින බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙයි.
මෙවැනි තත්වයක් තුල තවදුරටත් ආණ්ඩුවේ වගකීම් හෝ තනතුරු දැරීම සම්බන්ධයෙන් තමා තුල ඇත්තේ දරුණු සදාචාරාත්මක පසුබෑමක් බවයි ඔහු එහිදී ප්‍රකාශකර ඇත්තේ. ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් රාජ්‍ය
අමාත්‍යවරයා පවසන්නේ 69 ලක්ෂයක් වූ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ලීමට මේ රජය අපොහොසත් වී ඇති බවයි.
ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ආර්ථික අගාධයකට රට ඇද වැටී ඇති බවත් මෙම ආර්ථික අර්බුදය හමුවේ විවිධ භූ දේශපාලන අවශ්‍යතාවන් අනුව ක්‍රියාත්මක වන යම් කිසි විදෙස් රටකට මේ රට ආක්‍රමණය කර යටත් කර ගැනීමේ හැකියාවක් පවා ඇති බවත් ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දෙනවා.
මේ තත්ත්වය යටතේ තවදුරටත් රාජ්‍ය අමාත්‍ය ධූරයේ වගකීම් දැරීමට සිය හෘද සාක්ෂිය ඉඩ නොදෙන බවයි ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

