2025 LPL තරගාවලියට දින නියම වේ
Cricket
Sri Lanka Cricket
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
By R.rishma
2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (01) නිවේදනය කළේය.
මෙය තරගාවලියේ 6 වැනි අදියර වේ. තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය මෙම කාලය තුළ පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.