සරත් ෆොන්සේකාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..!
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදුවුවහොත් පොලීසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ,
රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන බවය.
"වසන්ත මුදලගේ, භික්ෂුන් වහන්සේ බරපතළ ලෙස අසනීප වෙලා ඉන්නවා වැරදිලාවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වුණොත් තමුන්වහන්සේලා මම අද කිව්වා කියලා මතක තියාගන්න. පොලීසිය, ත්‍රස්ත විමර්ශන අංශයයි, මේ රටේ ජනතාව පොළොවට සමතලාකරලා දායි.
ඒ විතරක් නෙමෙයි මේකේ ඉන්න මැතිඇමතිවරුන්ටත් දැම්ම තියලා රක්ෂණයක් අරගෙන ඉන්න වෙනවා. මොකද අපටත් යන එනමං නැති වෙනවා. ගිය පාර මතකයි මැති ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගිනිතියලා හැංගිලා ජීවත් වෙන්න සිදුවුණා. ඒ නිසා මේවා අනිවාර්යෙන් මතක තියාගෙන මේවාගෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |