ධනුෂ්ක ගුණතිලක අධිකරණයට

Sri Lanka Australia Danushka Gunathilaka
By Sewvandhi Nov 17, 2022 04:16 AM GMT
Report

ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර,ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි.

ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ. 

   ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට සිඩ්නි තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now