ධනුෂ්ක සම්බන්ධයෙන් තීරණාත්මක දිනය දෙසැම්බර් 08 වෙයි..
ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මේ වනවිට (14) ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය යොමු කර තිබෙනවා.
ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිතව ඇත.
සිඩ්නි නුවර විවර්ලි අධිකරණය ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.
ඒ අනුව ඔහුව සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
ඉන් අනතුරුවයි ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ. මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලානයේ මුල් තරගයක දී ධනිෂ්ක ගුණතිලක ආබාධයකට ලක්ව විවේක ගැන්වීම සිදු කෙරුණා. ඔහු වෙනුවට කැඳවූයේ අශේන් බණ්ඩාරයි.
නමුත් සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වූ විටක දී සංචිතයේ ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු ඇත්නම්, යළිත් ආබාධිත ක්‍රීඩකයාව දිවයිනට එවීම සිදු කෙරෙනවා.
නමුත් මෙවර එය එසේ සිදු වූයේ නැති වීම සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් පැන නැග්ගා.
කෙසේවෙතත්, ධනිෂ්කට එල්ල වී ඇති චෝදනා ලැයිස්තුවේ ඔහුට විරුද්ධව ලිංගික චෝදනා 04ක් ගොනු වී තිබෙනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    