ලිංගික චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගැන සිඩ්නි අධිකරණය ගත් තීරණය..
By krishani
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බව වාර්තා වේ.
සිඩ්නිහි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව මෙලෙස අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක Sydney City පොලීසිය විසින් පැරමැටා පොලිස් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කළ අතර එහිදී ද ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |