"..අවුරුදු 29 යි..අඳුරගත්තේ online..ධනුෂ්ක ගෙදරටම ආවා.." අතවරයට ලක්වූ කාන්තාව සියල්ල හෙළිකරයි..!

Cricket Sri Lanka
By Sewvandhi Nov 06, 2022 07:55 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය සතියේදී සිදුව ඇති බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයා ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද අලුයම 1.00ට පමණ සිඩ්නි හි පිහිටි හෝටලයක් තුලදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන 29 හැවිරිදි කාන්තාවක් ඔන්ලයින් යෙදුමක් හරහා දින ගණනාවක් පණිවිඩ හුවමාරු කර ගෙන තිබෙන අතර පසුව ඔහු එම කාන්තාව ගේ නිවසට ගොස් ඇයව මුණගැසී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එහිදී ධනුෂ්ක ගුණතිලක විසින් අදාළ කාන්තාව ලිංගික අතවරයකට පත්කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. අපරාධය සිදුවූ බව කියන නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි අදාළ කාන්තාවගේ නිවස ද පොලිසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි සිඩ්නි හි පිහිටි හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද දිනයේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇති බව සඳහන්. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු නීතිය යටතේ චෝදනා 04ක් ගොනු කර ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. (උපුටා ගැනීමකි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now