හැම ඔෆිස් එකකම ඉන්න භයානක මනුස්ස කොට්ඨාස 5.

By Wayomi Feb 16, 2023 12:24 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් ඔෆිස් වල හෝ යාලුවෝ සෙට් එකක හෝ ඕනෑම තැනක ඉන්න පුළුවන් භයානක මනුස්ස කොට්ඨාස 5ක් ගැනයි මේ කියන්න යන්නේ. ඉතින් එයාලව හඳුනාගෙන... අතේ දුරින්..පරිස්සමට..ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.

🐍 කේළමා

😶 මෙයා කරන්නේ කේලම් කියන එක.

😶 මෙයාගේ දේවල් එයාට කියනවා. දෙන්නගෙම දේවල් වෙන කෙනෙකුට කියනවා. දෙදෙනෙක් බින්දවල, අසමගි කරවල , රණ්ඩු කරවලා , කොටවන එක තමයි කේළමාගේ එකම සතුට.

😶 මෙයාව බොහොම පරිස්සමෙන් තමයි ඇසුරු කරන්න ඕනේ. මෙයා එක්ක ඇයි හොඳයි තියා ගත්තොත් ඔබත් කේලම් කාරියක් විදිහට ලේබල් ගැසේවි.

😶 මෙයා මොනවා හරි කේලමක් කියාගෙන ආවොත් හිනා වෙලා හෙමින් මග හරින්න.

😶 කිසිම දවසක වැරදිලාවත් ඔබේ පෞද්ගලික දෙයක් මෙයාට කියන්න එපා. ඒ වගේම වෙන කෙනෙක් එක්කවත් කිසිම දෙයක් මෙයා ඉදිරියේ කියන්න එපා.


🐍 අයිස් ගසන්නා

😶 මෙයා හරිම කම්මැලියි වැඩ කරන්න. නිතරම කන් කෙඳිරිය.

😶 වැඩ පැත්තක තියලා රටේම තියෙන කෑම ඩිලිවරි කරගෙනයි කන එකයි.. තවත් කවුරුහරි අල්ලාගෙන කයිය ගහන එකයි.. සෝෂල් මීඩියා වල කාලය කා දමන එකයි..නිදාගන්න එකයි තමයි මෙයාගේ ලොකුම රාජකාරිය.

😶 නිතරම වැඩ ගොඩ ගහගෙන බොස්ගෙන් බැණුම් අහනවා.ශෝට් කට් ගහන්න ගිහින් ආයතනයටත් පාඩු කරනවා.

😶 මෙවැනි අයගෙන් ඈත් වෙලා පාඩුවේ තමන්ගේ වැඩේ වෙලාවට..හරියට ඉවරකරගන්න.


🐍 ගොට්ටා

😶 මෙවැනි අය ඉතාම කපටියි. දියුණු වෙන්නේ මහන්සියෙන් නෙවෙයි. ලොක්ක දැක්කම දෙකට නැමෙනවා.

😶 මෙයාල හැම වෙලාවේම ලොක්කට පෙන්වන්නේ තමන් තමයි මහන්සියෙන්ම වැඩ කරන්නේ කියලා.

😶 අවාසනාවට වගේ ගොඩක් ලොක්කෝ, ලොක්කියෝ මෙවැනි ගොට්ටන්ට ඕනේ විදිහට තමයි කාර්යාලයේ තීරණ ගන්නේ.

😶 මෙයාලා කාර්යාල ඇතුලේ හරිම බලවත්. ඔබගේ එක්ක අමනාප නම් කොහොම හරි කරලා ඔබව රැකියාවෙන් එලවන්න මෙයාල පසුබට වෙන්නේ නැහැ.

😶 ඒ, වගේම ඔබ හොඳට වැඩ කරනවා නම්..ඔක්කගෙන හොඳ අහනවා නම් මෙයාලා ඔයත් එක්ක කේන්තියෙන් සහ ඊර්ශියාවෙන් ඉන්නේ.

😶 ඒ නිසාම නිතරම ඔබේ පුංචි හෝ වැරදි අඩුපාඩු හොයලා ඔබේ හොඳ නම කැත කරන්න සහ ලොක්කට කේලම් කියන්න උත්සහ කරනවා.

😶 ඔබ අමාරුවෙන් කරන වැඩ ඔවුන් කළා කියල ප්‍රසංසාව අරගන්න මොවුන් දක්ෂයි.

😶 එවැනි අයත් සමඟ අතේ දුරින්.. පරිස්සමට... ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.


🐍 සියල්ල දත්

😶 මොවුන් හැසිරෙන්නේ හරියට ඔක්කොම දන්නවා වගේ.

😶 මොවුනට අනවශ්‍ය විදිහට තැන දුන්නොත් ඔබේ කටයුතු පාලනය කරන්න පටන් ගනීවි.

😶 ඔවුන් උත්සහ දරන්නේ තමන් හෙන පොරක් කියල පෙන්වන්න.

😶 මොවුන් එක්ක සුහදව ඉන්න. නමුත් වැඩිය තමන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න දෙන්න එපා.


🐍 රූප සුන්දරී

😶 මෙයා ඉතින් හිතාගෙන ඉන්නේ කාර්යාලයේ ඉන්න ලස්සනම කෙනා කියලා.

😶 ඇඳුම් පැළදුම් වලට ගොඩක් වියදම් කරලා අනික් කෙල්ලෝ ඔක්කොම කැතයි මම විතරක් ලස්සනයි වගේ ආකල්පෙකින් තමයි ඉන්නේ. නිතරම තමන් අනුන් එක්ක සංසන්දනය කරනවා.

😶 එයාලගේ රූපයේ ලස්සන තිබුණට කාර්යක්ෂම නැහැ.ඔබ මෙවැනි අය ඉදිරියේ හීන මානයට ලක් වෙන්න එපා.ඔබ ඔබේ විදිහට ඉන්න.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW