බැසිල් ඉවතට - ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට..?

Parliament of Sri Lanka Basil Rajapaksa Sri Lanka Podujana Peramuna
By Sewvandhi Jun 08, 2022 12:47 PM GMT
Report

දැනට සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව වාර්තා වනවා.

ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ (07) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ සාමාජිකත්වය ද ලබා ගත් බව යි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය සඳුදා  වැඩසටහනකට එක් වූ ධම්මික පෙරේරා මේ වන විට ආර්ථික වශයෙන් අගාධයකට වැටී ඇති ශ්‍රී ලංකාවේ තත්ත්වය නඟා සිටුවීම සඳහා සිය ව්‍යාපාරික ඥානය සහ අවබෝධය භාවිත කරමින් යම් කිසි වැඩකොටසක් සිදු කිරීමට ඇති කැමැත්ත සහ සූදානම පිළිබඳ ඉඟි පළ කළා.

එහි දී ඔහු පැහැදිලිව ම කියා සිටියේ, රටේ ආර්ථික තත්ත්වය ගොඩ නැංවීම සඳහා තමන්ට සාධනීය වැඩ කොටසක් ඉටු කළ හැකි බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now