ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකත්වය ගැන හෙළි කළ විශේෂ දේ මෙන්න..
                                    
                    Mahinda Rajapaksa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Dhammika Perera
                
                                                
                    Presidential Update
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
මේ අතර, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී අද උදෑසන කාලයේ වැඩ බාරගෙන තිබෙනවා.
පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර, ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුව වීම ද විශේෂත්වයක්.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    