ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට..! ධම්මික පෙරේරාගෙන් දැඩි තීරණයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබේ. එය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා නම්කර ඇත.
මේ අතර ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවට පිවිසෙන ධම්මික පෙරේරාට අමාත්‍ය ධුරයක් ද පිරිනැමීමට නියමිත අතර, එම ධුරය කුමක් ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, දේශපාලන විශ්ලේෂකයන් ඉඟි පළ කරන්නේ, ඔහුට ලැබෙන අමාත්‍ය ධුරය බොහෝ විට ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයට හෝ කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ විය හැකි බව යි
මේ අතර, ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු වීමත් සමඟ ඔහු සභාපතීත්වය දැරූ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සංස්ථාපිත සමාගම් සියල්ලේ ම කොටස් වටිනාකම අද (10) දිනය තුළ ඉහළට ගිය බවත් වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |