රංගන ශිල්පී දමිතා හදිසියේම ගත් දැඩි තීරණය

Galle Face Protest Sri Lanka SL Actress Gossips Sri Lanka Anti-Govt Protest
සති 1 කට පෙර

පවතින තත්ත්වය හමුවේ තමන් දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පිළිබඳව හෙට දවසේ තීරණය කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය.

"දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා.

මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now