CID අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද ලැබුණු අධිකරණ නියෝගය. - (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Magistrate Court Prisons in Sri Lanka Actress
By Wayomi Apr 05, 2024 09:25 AM GMT
Report

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කරනු ලැබුවා.

ඒ, ඊයේ (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුන් අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුවයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 30ගෙන් පමණ පොලිස් බල ඇණියක් කොටුව අධිකරණයට පැමිණ සිටි බවයි වාර්තා වුනේ.