සමාජයෙන් රෝග ඇතිවිය හැකියි..ලග්න කිහිපයකටම රෝග උත්සන්න වෙයි..දැඩි අවධානයෙන් සිටින්න..අද දවසේ ඔබේ සුභ අසුභ ඵල මෙතනින් දැනගන්න(VIDEO)

By Sewvandhi Dec 15, 2021 10:38 PM GMT
Report

2021 දෙසැම්බර් මස 16 බ‍්‍රහස්පතින්දා අද 2021 දෙසැම්බර් මස 16 වෙනි බ‍්‍රහස්පතින්දා පුර තෙලෙස්වක තිටීය ලත් ගුරු දින. අද දවසේ ඉර උදාව පෙ.ව 6.14 ට යෙදෙන අතර, ඉර බැසිම සිදුවන්නේ ප.ව 5.58 ටය. අද දින දිවා කාලයේ රාහු කාලය යෙදෙන්නේ සවස 1.45 සිට 3.15 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ අළුයම 1.45 සිට 3.15 දක්වාය. අද උදෑසන 7.34 දක්වා බෙරණ නැකතත් ඉන්පසු කැති නැකතත් උදාවේ. 


මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ගේ ලග්නයේම චන්ද්‍රයා ගමන් ගන්නේ 5 වන භාවය හිමි රවීට අයත් නැකතකය. ලග්නාධිපති අ`ගහරු ග‍්‍රහයා අටවැන්නේ තැන්පත්ව ඇත. ප‍්‍රබෝධමත් දවසක ආරම්භයක් සිදුවන අතර මනසේ සන්සුන්භාවය දිනය පුරාම ඔබට රඳවා ගැනීමට ශක්තිය ඇත. නව සිතුවිලි, අලූත් අදහස් සම`ග දවස ගෙවන ඔබ ජීවිතයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කර ගැනීමට වෙහෙසෙයි. ඔබ පවුලේ අය සම`ග මිත‍්‍රශීලීව, සුහදශීලීව කටයුතු කිරීමට පෙළෙඹෙන අතර ඔබගේ කාර්යාලයේ, වැඩබිමේ, ව්‍යාපාරික ස්ථානයේ සෙසු අය සම`ග සුහදශීලීව කටයුතු කිරීමෙන් ඔබට ඒ අයගේ ප‍්‍රසාදය දිනා ගත හැකිය. නිවාස, දේපල, යානවාහන කටයුතු වලින් ඔබ අද දවසේ සාර්ථකත්වයට පවත්වන අතර විදේශගත කටයුතු වලින් අසාර්ථක වනු ඇත. එනිසා විදේශගත සම්බන්ධතාවයන්ට අදාල කටයුතු වලින් වැළකී සිටින්න. රෝගාබාධයන්ට ඔරොත්තු දීමේ ශක්තිය නොඅඩුවම ඔබට ලැබෙයි. දරුවන්ගේ හා අඹු සැමියන් අතර සෙනෙහවන්ත බැඳීම තෘප්තිමත් ලෙස යෙදෙන දිනකි.



වෘෂභ ලග්නය

වෘෂභ ලග්නය හිමි ඔබගේ ජන්ම පත‍්‍රයේ තුන් වැන්න හිමි සඳු ග‍්‍රහයා සිව්වැන්න අධිපති රවි ග‍්‍රහයාට අයත් නැකතක ගෝචරයෙන් 12 වැන්නෙන් ගමන් ආරම්භ කරන අද දිනයේ ඔබට සංචාරයන් හරහා සාර්ථක ප‍්‍රතිඵල හිමි කර ගත හැකි දිනයකි. ඒ අනුව ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ බලාපොරොත්තු නිසැකයෙන්ම සාර්ථකත්වයට පත්වේ. කෙටි ගමන්, වන්දනා ගමන් හා විනෝදචාරිකා යෙදෙන දිනයකි. අඩුම තරමින් ඔබ රැකියා නිසා හෝ චාරිකාවක යෙදෙනු ඇත. ජංගම රැකියාවල යෙදෙන අයට අද වාසි සහගත දවසකි. ඔවුන්ගේ ධන වාසනාව ඉහළින්ම යෙදී ඇති නිසාය. නිවාස දේපල කටයුතු කෙරෙහි ඔබගේ අවධානය යොමුවන අතර ඒවා සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරනු ඇත. දරුවන්ගේ කටයුතුවල ගැටලූ පැමිණේ. පේ‍්‍රම සබඳතා පවත්වාගෙන යන අය සැලකිළිමත් විය යුතුය. අද ඔබගේ පේ‍්‍රම සම්බන්ධතාවයන්ගේ ගැටලූ පැන නැ`ගිය හැකි නිසාය.



මිථුන ලග්නය

බුධ ග‍්‍රහයා ලග්නාධිපති වූ මිථුන ලග්න හිමියන්ගේ කේන්දරේ 7 වන භාවයේ බුධ ග‍්‍රහයාගේ ගෝචරයත් දෙවැන්න අධිපති සඳු ග‍්‍රහයා වැයස්ථානයෙත් ගමන් ගනිමින් සිටී. ධන වාසනාව ඉතා ඉහළින්ම යෙදෙන අද දවසේ ඔබගේ සිතතුළ සතුටක් ඇතිවන පරිදි ධනය ඔබට ලැබෙනු ඇත. ඔබගේ නිවසට වටිනා භාණ්ඩ එකතුකර ගත හැකි අතර ස්වර්ණාභරණ ද ඒ අතර වේ. අලූතින් ධනය සෙවීමේ මාර්ග කෙරෙහි ඔබගේ අවධානය යොමුවන අතර ඔබට ධනවතුන් වීමේ සිහිනය අන් කවරදාටවත් වඩා අද ඔබගේ සිත තුළ ස්ථිර අඩිතාලමක් දමනු ඇත. ඔබගේ පවුලේ අයගෙන් ව්‍යාපාර හා රැකියා ස්ථානවල ඔබත් සම`ග කටයුතු කරන සෙසු අයගෙන් සාර්ථක ලෙස සහයෝගීතාවයන් ඔබට ලැබෙනු ඇත. ඔබගේ මනස සැහැල්ලූවෙන් ක‍්‍රියා කරන නිසා දවසේ කාර්යයන් නිසි ලෙස ක‍්‍රියාත්මක කර ගැනීමට ඔබට ශක්තිය ලැබෙන අතර දිනය නිමාවන විට දවසේ කටයුතු සම්පූර්ණ කර හෙට දිනය පිළිබඳව සැලසුම්ද ඔබ සකස් කර ගන්නවා ඇත.



කටක ලග්නය

ලග්නාධිපති සඳු ග‍්‍රහයා අයථානයේ ගමන් කරන අද දවසේ ඔබගේ ජීවිතයේ ප‍්‍රධානතම අරමුණු රැකියා හා ව්‍යාපාර කෙරෙහිය. ඔබගේ ව්‍යාපාර හෝ රැකියාවන්හි සාර්ථකත්වය හරහා ඔබගේ අභිමතය වර්ධනය කර ගැනීමට ඔබ වෙහෙසී කටයුතු කරනු ඇත. ඒ නිසා ඔබ ඔබගේ වැඩබිමේ, කාර්යාලයේ, ආයතනයේ උසස් අයගේ නොමද ප‍්‍රශංසාවටත්, සෙසු සේවකකාරකදීන්ගේ ඇගයුමටත් ලක්වනු ඇත. වෙනදාට වඩා ඔබගේ සිතේ මහන්තත්වය පිළිසිිඳ ගැනීමට ඉඩ ඇති නිසා එය ඔබගේ අනාගතයට ශුභ දායක කරුණක් නොවේ. නිවාස දේපල කටයුතු වලින්ද සාර්ථකත්වයට පත්වන ඔබ රෝග පීඩාදීන්ගෙන් හදිසි බලපෑම් වලට ලක්වීමේ අවධානමද ඇත. විශේෂයෙන් සමාජය තුළින් බෝවන රෝග ඔබට බලපෑම් කිරීමට ඉඩ ඇති නිසා ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව විමසිලිමත් වීම යහපත්ය. 



සිංහ ලග්නය

වැයස්ථාන අධිපති සඳු ග‍්‍රහයා කර්මස්ථානයෙන් ගමන් ආරම්භ කරන අද දිනයේ ලග්නාධිපති රවි 5 වන භාවයට ගෝචර වෙමින් අලූත් ගමනකට මුල පුරා ඇත. විදේශ කටයුතු ආශ‍්‍රිතව බොහෝ සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි දවසකි. ඒ අනුව විදේශගත වීමේ සිහිනයක ඔබ සිටින්නේ නම් අදම ක‍්‍රියාත්මක වන්න. ඔබගේ විදේශ සිහිනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මග පෑදෙනු ඇත. විදේශ අධ්‍යාපනය ලබන්නට බලපොරොත්තු වෙමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය ම`ග පෙන්වීම ලැබෙනු ඇත. විදේශ සම්බන්ධතා හරහා කරන කටයුතු වලින් ඔබට ඵලදායක ප‍්‍රතිඵල හිමි වේ. රට තුළ සංචාර ගමන් බිමන් යෙදෙන අතර සංචාරය හරහා රැකියා ආදායම් මාර්ග යෙදී ඇති අයට අද දවස ඉතා ශුභ දවසකි. ඔවුන්ගේ ආදායම් මාර්ගවල කැපී පෙනෙන සාර්ථකත්වයක් අද දින ලැබෙනු ඇත. පූර්ව කුසලයන්ගේ ශක්තිය නොමදව ඔබ වෙත ගලගෙන එන දිනයක් නිසා රෝග සුව වීමට අනතුරුවලින් ආරක්ෂා වීමට සතුරු කරදරවලින් මිදීමට මග පෑදෙනු ඇත.



කන්‍යා ලග්නය

අයස්ථාන අධිපති සඳු ග‍්‍රහයා 9 වන භාවයේ ගමන් ගන්නා අද දිනයේ කන්‍යා ලග්න හිමියන්ට මහන්සියකින් තොරව ලැබීම් ඇති දිනයකි. ආකල්පමය අතින් දුර්වල මානසිකත්වයකට වැටෙන අතර තීරණ ගැනීමේදී දුර්වලතා ඇති කරයි. එනිසා අලූතින් කටයුතු වලට අත නොගැසිය යුතුයි. පවත්වාගෙන යන කටයුතු පමණක් කරගෙන යන්න. පේ‍්‍රම සම්බන්ධතාවල, දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වය අඩුය. ධනය ලැබුණද වියදම අධිකය. නිවාස දේපල කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකි නිසා එම කටයුතුවල වැඩියෙන් යෙදීමෙන් ඒ සඳහා වැඩියෙන් ආයෝජනය කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකිය. 



තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ ජන්මපත‍්‍රයේ 8 වන භාවයේ සඳු ගමන් ගන්නා අද දිනයේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වැන්නේ ගමන් ගනිමින් සිටී. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් දියුණුවට පත් වේ. මංගල කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව උදාවේ. ජීවන කටයුතු, පවුලේ අඹුසැමියන් අතර සහයෝගය දියුණුවන දිනයකි. පේ‍්‍රම සම්බන්ධතා වලට එතරම් යහපත් නැත. එනිසා පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යන පෙම්වතුන් ඉවසිලිවන්තව කටයුතු කිරීමට වගබලා ගන්න. නිවාස දේපල වාහන සම්බන්ධව කටයුතු වලට ඉතාමත් ශුභය.



වෘශ්චික ලග්නය

හයවන භාවයේ චන්ද්‍රයා ගමන් ගනිමින් සිටින අද දවසේ වාශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති ලග්නයේම ගමන් ගනී. රෝග, අනතුරු, නීතිමය ප‍්‍රශ්න වැනි තමාගේ ජීවිතයට බලපාන අයහපත් සිදුවීම් සිදුවිය හැකි බැවින් ඉවසිලිවන්තව තමගේ ආගමට අනුව ආගමික කටයුතු වලට වැඩි අවධානයක් ඇතිව දවස ගෙවීමට උත්සාහ ගන්න. දේපල සහිත කටයුතු වලින් ධනය උපයන අයට වැඩි වාසි අත්කර ගත හැකිය. පේ‍්‍රම සම්බන්ධතාවලට යහපත්ය. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂකයින්ට තම විවාහ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ශුභ දායකය.



ධනු ලග්නය

ධනු ලග්නහිමියන්ගේ 5 වැන්නේ චන්ද්‍රයාත්, ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා තුන්වැන්නේ අද දවසේ ගමන් කරමින් සිටී. පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යන පෙම්වතුන්ට පේ‍්‍රමනීය හැ`ගීම් සතුටුදායක ලෙස පවත්වාගෙන යාමට අවකාශය ලැබේ. දරුවන්ගේ කටයුතු වලින් දෙමව්පියන්ට සතුට සැනසුම ලබන අතර දරුවන්ගේ කටයුතු සාර්ථක වන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. විදේශගත වීමට, විදේශගත සම්බන්ධතා තුළින් කටයුතු කරන අයට සාර්ථක ප‍්‍රතිඵල හිමිකර ගත හැකිය.



මකර ලග්නය

මකර ලග්නහිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා ලග්නයේ ගමන් ගන්නා අතර සඳු ග‍්‍රහයා සිව්වැන්නේ ගමන් ගනිමින් සිටී. අද දවස ඉතාම ශුභදායක ලෙස ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දෙයි. අලූත් දේවල් කිරීමට ඔබ සිතන අතර ඒවා සාර්ථක කර ගැනීමට සැලසුම් සකස්කර ගත හැකිය. තමාගේ උත්සාහයෙන් අලූත් ධනය ලැබෙන මාර්ග සොයා ගැනීමට උත්සාහ කරයි. විදේශගත වීම් විදේශගත රැකියා සිහින ඉටුකර ගැනීමට මාර්ග විවර වේ. අන් අයගේ යහපත් උදව් උපකාර ලබයි. ආගමික කටයුතු කෙරෙහි භක්තිය ඇති කරයි.



කුම්භ ලග්නය

සඳු තුන්වැන්නේය. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේය. වැය අධිකය. ගමන් බිමන් බහුලය. මානසිකත්වය ඉහළය. අලූත් බලාපොරොත්තු සිහින සිතට පිවිසේ. ඒවා ක‍්‍රියාත්මක කිරීමට වෙහෙස නොබලා ක‍්‍රියා කරයි. විදේශගත කටයුතු, විදේශ රැකියා සිහින ඉටුවේ. විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. ගෘහ ජීවිතයේ සතුට සංතෘෂ්ඨිය ලබයි. පේ‍්‍රමවන්තයින්ගේ සිහින සැබෑවේ. අනතුරු අවධානමක් යෙදී තිබේ. රෝග උත්සන්න විය හැකිය. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය.



මීන ලග්නය

ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා වැයස්ථානයේත් සඳු ග‍්‍රහයා ධනස්ථානයේත් ගමන් ගන්නා අද දිනය අය වැය පිලිබඳ හිමිවීම් අහිමිවීම් අතර දෝලනය වන දවසකි. ධනය ලබයි. රැදීම් අඩුය. නිවාස දේපලවල යෙදවුවහොත් සාර්ථක ප‍්‍රතිඵල හිමිය. දේපල කටයුතුවල සාර්ථකත්වය ඉහළින්ම යෙදී ඇත. වාහන සිහින සපුරා ගත හැකිය. පේ‍්‍රමවන්තයින්ට ශුභදායකය. දරුවන්ගේ උත්සාහයන්ට ප‍්‍රතිඵල අත්කර දෙයි. රෝග උත්සන්න වේ. විවාහ ගැටලූ හා අඹු සැමියන් අතර ගැටුම් ඇති වේ. 



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%