අද ලග්න 12න් ලග්න 7කටම ප්‍රබල ධනයෝග..නව ව්‍යාපාර කටයුතු ආරම්භයට කදිම දවසක්..අද දිනයේ ඔබේ සුභ අසුභ ඵල මෙතනින් බලන්න...(VIDEO)

By Sewvandhi Dec 14, 2021 10:42 PM GMT
Report

2021 දෙසැම්බර් මස 15 වෙන බදාදා අද දෙසැම්බර් මස 15 වෙනි බදාදා උඳුවප් පුර දොළොස්වන තිතිය යෙදී ඇත. අද දවසේ ඉර උදාව යෙදී ඇත්තේ පෙ.ව 6.14 ට වන අතර, ඉර බැසිම සිදුවන්නේ සවස 5.58 ටය. අද දවසේ දිවා කාලයේ රාහු කාලය යෙදී ඇත්තේ ප.ව 12.14 සිට ප.ව 1.44 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදී ඇත්තේ මධ්‍යම 12.14 සිට පෙ.ව 1.44 දක්වාය. අද දවසේ බෙරණ නැකත යෙදී ඇති අතර බදාදා දවසක බෙරණ නැකත යෙදීමෙන් කාණ යෝගය යෙදෙන අතර එනිසා ඉර උදාව සමග යෙදෙන මුල් මිනිත්තු 48 ශුභ කටයුතු සඳහා අශුභයි.


මේෂ ලග්නය

මේෂ ලග්නයේ ලග්න්යේම ගමන් ගන්නා චන්ද්‍රයා සිව්වන භාවය නියෝජනය කරමින් සිකුරුට අයත් නැකතක ගෝචරය වේ. ලග්නාධිපති අගහරු ග‍්‍රහයා අටවැන්නේ ගමන් ගනී. ප‍්‍රියජනක සිතුවිලි ඇතිව දවස ආරම්භ කළ හැකිය. ධන වාසනාව, නිවාස දේපල යන වාහන වාසනාව හොඳින්ම ලැබෙන දිනයකි. පවුලේ අය සමග මිත‍්‍රශීලීව හා සතුටින් කටයුතු කළ හැකි අතර රැකියා ස්ථානවල උද්යෝගීමත්ව කටයුතු කිරීමෙන් ඉහළ පහළ දෙපාර්ශ්වයේම ආශිර්වාදය නොමඳව ලැබිය හැකිය. රෝග වැළදීමේ ප‍්‍රවණතාවය අඩුවන අතර, ශරීර ශක්තිය යහපත්ය. පේ‍්‍රම සම්බන්ධතා වලට බාධක හෝ ගැටලූ පැමිණිය හැකිය. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර අධ්‍යාපන කටයුතුවල නියැලෙන අයට සාර්ථක දවසකි.



වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා 9 වන භාවයේ ගමන් ගන්නා අතර, සඳු ග‍්‍රහයා 12 වැන්නේ ගමන් ගනිමින් සිටී. ඇවිදිලි, සංචාරක ආශ‍්‍රිත රැකියා කටයුතු, කොටස් වෙළඳපොලේ කටයුතු, කොමිස් ආදායම් ලැබෙන කටයුතු සඳහා යහපත් දිනයකි. එමගන් වාසි අත්කර ගත හැකිය. පෙර පින ඉහළින්ම යෙදෙන දවසකි. එමගින් තමාගේ සිතැගියාවට අනුව කාර්යයන් සාර්ථක කර ගැනීමට ඉඩ හසර විවර වේ. පේ‍්‍රමවන්තයින්ට හා පේ‍්‍රමාවන්තියන්ට යහපත් දවසකි. ඔවුන්ගේ සබඳතා පේ‍්‍රමාන්විතව ගලා යයි. විවාහ අපේක්ෂකයින්ගේ ප‍්‍රාර්ථනා මල් ඵල ගැන්වේ. පවුල් ජීවිතයේ සතුට සැනසුම වර්ධනය වේ. විදේශගතව සිටින අයට විදේශගත පුරවැසිභාවය ලැබීමට විදේශගත දේපල හිමිකර ගැනීමට භාග්‍යවන්තය.



මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ගේ 11 වන භාවයේ චන්ද්‍රයා ගමන් කරන අද දවසේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා 7 වන භාවයේ ගමන් ගනී. අරමුනු සාර්ථක කර ගැනීමට කදිම දවසකි. බොහෝ කාලයක් සිත තුළ තිබූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. පැහැදිළි අරමුණකින් වෘත්තීමය කටයුතු කෙරෙහි යොමුවන අතර, දවසේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හැකියාව ඇත. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට තම සේවාදායකයින් හමුවීම හා අලූත් ව්‍යාපාර අවස්ථා උදාකර ගැනීමට මාර්ග විවර වේ. ධනය ලැබීම හා ධනය ඉතිරියද සාර්ථකවන අතර, වටිනා භාණ්ඩ හා ආභරණ මිලට ගැනීමට සිතේ. නිවාස දේපල කටයුතු සඳහාත්, යාන වාහන කටයුතු සඳහාත්, බැංකු හා මූල්‍ය ආයතනවලින් පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදාකර ගත හැකිය. විවාහ ජීවිත ගත කරන අයගේ ජීවිතවල සතුට සැනසුම යෙදෙන දිනයකි.



කටක ලග්නය

කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග‍්‍රහයා දහවැනි භාවයේ ගමන් ගන්නා අද දවස ක‍්‍රියාශීලීව කටයුතු කරන, තම අභිමානය, තත්ත්වය උසස් කර ගැනීමට උත්සාහයක යෙදෙයි. රැකියා කටයුතුවල වර්ධනීය අවස්ථාවක් උදා කරයි. ආයතන තුළ තමන්ගේ ප‍්‍රතිරූපය ඉහළ යයි. ප‍්‍රධානීන්ගේ අවධානය යොමුවන අතර සහෝදර සේවකයින් සම`ග සහයෝගයෙන් කටයුතු කරයි. රැකියාව නිසා සංචාර යෙදේ. ධනය ලැබෙන අතර ධනය විනෝදාත්මක කටයුතුවල වැඩියෙන් යොදවයි. විවාහ ජීවිතයේ සැප සතුට ලැබෙන අතර දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් ඇති කරන බැවින් පවුලේ සතුට සැනසුම වර්ධනය වේ.



සිංහ ලග්නය

ලග්නාධිපති රවී සිව්වැන්නේත් සඳු ග‍්‍රහයා 9 වැන්නේත් ගමන් ගන්නා අද දවසේ පෙර කල පින්කම්වල මහිමය නිසා ජීවිතයේ සාර්ථකත්වය යහපත් ලෙස යෙදෙන දිනයකි. තමාගේ මතය, අදහස් ලෙහෙසියෙන් වෙනස් නොකරන අතර දැඩිව තම මතයේම සිටියි. පෙර වාසනා ගුණය හොඳින්ම යෙදෙන නිසා එම`ගින් යහපත් තත්වයක් නිර්මාණය වේ. නිවාස දේපල කටයුතුවල වර්ධනීය තත්ත්වයක් නිර්මාණය වන අතර වාහන හිමිකර ගැනීමේ සිහින දකින්නන්ට සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමේ භාග්‍යය හිමිය. අලූත් විලාසිතා හෝ නව තාලයේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන අතර ඒ සඳහා නිර්ලෝභීව ධනය වියදම් කරයි. රෝග වැළදීමට ඇති ඉඩකඩ අවම නමුත් අනතුරු අවධානමක් ඇත.



කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ අටවැන්නේ සඳු ගමන් ගන්නා අද දවස ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිව්වැන්නේය. සෘණාත්මක ආකල්ප සිතේ ඇති කරන අතර කටයුතු සාර්ථක කර ගැනීමට තමා තුළ ඇති උනන්දුව උද්යෝගය හීන කර ගනී. ඉටුකර ගැනීමට ඇති කාර්යයන් පසු දිනට කල් දැමීමට සිතයි. විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට හසුවීමට ඉඩ ඇත. විවාහ සහකරුවන් සම`ග ගැටුම් ඇති කර ගනී. ණයට දීමට ණය ගැනීමට, රෝග සුව වීමට යහපත්ය. දරුවන්ගේ කටයුතුවලින් ප‍්‍රීතිය ඇති වේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් ප‍්‍රීතිය ඇති වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කර ගැනීමේ හැකියාව උදා කරයි. විදේශගත කටයුතු වලට බාධා පැමිණේ.



තුලා ලග්නය

ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වැන්නේත් සඳු ග‍්‍රහයා සත්වැන්නේත් ගමන් ගනිමින් සිටින අද දවසේ සහයෝගයෙන් කටයුතු සාර්ථක කර ගත හැකි දවසකි. විවාහ සහකරුවන්ගේ හෝ විවාහ සහකාරියන්ගේ ප‍්‍රබල සහයෝගයත් හ ප‍්‍රීතිමත් සෙනෙහසත් ලැබෙන අතර පේ‍්‍රමවන්තයින්ට හා පේ‍්‍රමවන්තියන්ට සිතේ සතුට උතුරා ගලා යන ලෙස සිය හැ`ගීම් සපුරා ගැනීමට අවස්ථාව උදා කරයි. නිවාස, දේපල, යාන වාහන ආශ‍්‍රිත කටයුතුවලින් තමාට අවාසි අත්වන අතර රැකියා කටයුතුවලදී අන් අයගේ බලපෑම් වලට යටත් වීමට සිදුවේ. විදේශගතවීම්, සංචාර හා දුර ගමන් සඳහා අවස්ථාව උදාවේ. ධනය ලැබුණද ඉතිරිය දුර්වල මට්ටමක පවතී. ඥාතීන්ගෙන් හා අසල්වැසියන්ගෙන් තමා වෙත කාරුණික සෙනෙහසක් ලැබේ.



වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ගේ ජන්ම පත‍්‍රයේ හය වැන්නේ සඳුගේ ගෝචරය සිදුවන අතර ලග්නාධිපති අ`ගහරු ලග්නයේ ම ගමන් ගනී. ඉවසිලි බව අඩු නිසා හදිසි අනතුරු හා තමන්ගේ අපරික්ෂාකාරී ක‍්‍රියාවන් නිසා කරගෙන යන කටයුතුවල දුර්වලතා පැන නගී. එමගින් තමාට අවාසි අත්වන අතර, තමා වෙත ඇති කීර්තිනාමය හා ප‍්‍රසාදය පිළිබඳව අයහපත් තත්ත්වයක් මතුවිය හැකිය. දැඩි තීරණ ගැනීමට පෙළෙඹෙන අතර එම`ගින් කෙටි කාලීන අවාසි අත්වේ. සතුරු කරදර, රෝග පීඩා හා නීතිමය ප‍්‍රශ්න පැන නැගීමේ අවධානමක් ඇත. හිස ආශ‍්‍රිත තුවාල සිදුවීමටත්, ආරවුල් ඇති කර ගැනීමටත් ඉඩ ඇති බැවින් ක්ෂණික කෝපය මැඩ පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. 



ධනු ලග්නය

ධනු ලග්නයේ ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා තුන්වැන්නේත් සඳු ග‍්‍රහයා පස්වැන්නේත් ගමන් ගන්නා නිසා කලාත්මක සෞන්දර්යාත්මක සිතුවිලි සිතට නැෙ`ගන අතර අලූත් අදහස් ක‍්‍රියාත්මක කිරීමට පෙළඹේ. නිරෝගී සුවය අත්විඳීමට හැකි අතර, ශරීර සෞඛ්‍යය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යා හැකිය. ධනය ලැබීම යහපත් වන අතර ධනය ඉතිරි කිරීමද සාර්ථකය. නිවාස, දේපල කටයුතුවලදී අවාසි අත්වන අතර එම කටයුතුවල යෙදීමේ දී ප‍්‍රවේශම් වීම යහපත්ය. අඹු සැමියන් අතර සහයෝගීතාවය හා බැඳීම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන අතර පේ‍්‍රමසම්බන්ධතා වලටද සාර්ථක දවසකි.



මකර ලග්නය

සඳු ග‍්‍රහයා සිව්වැන්නේත් ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා ලග්නයේත් ගමන් ගනිමින් සිටින අද දවසේ මකර ලග්න හිමියන්ට අවස්ථා කිහිපයකින්ම වැදගත් සිදුවීම් සිදුවිය හැකිය. තමාගේ උත්සාහයෙන් කරගෙන යන කාර්යයන් සාර්ථක වන අතර අලූත් බලාපොරොත්තු ඇතිව තම සැලසුම්වලට එළඹීමට හැකිය. රැකියා සහ ව්‍යාපාර කටයුතු වලදී තමාගේ සාර්ථකත්වය අන් අය අතර ඉහළින්ම කැපී පෙනේ. කාර්යාලයේ, ව්‍යාපාර ස්ථානයේ, වැඩබිමේ කටයුතුුවල සාර්ථකත්වය නිසා අන් අයගේ ප‍්‍රශංසාවට ලක් වේ. විදේශ ගමන්, විදේශ සම්බන්ධතා මත කරන කටයුතු, විදේශ අධ්‍යාපනය ආදිය තමාගේ සිතැ`ගි පරිදි සාර්ථකත්වයට පත්කර ගැනීමේ භාග්‍ය හිමිය.  



කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ගේ තුන්වැන්නේ සඳු ග‍්‍රහයා ගමන් කරමින් සිටින අද දින ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා 12 වැන්නේ තැන්පත්ව ඇත. තීරණ ගැනීම් අතින් සාර්ථක දවසක්ය. ඇවිදිලි, සංචාර, කෙටි ගමන් යෙදේ. කොටස් වෙළඳපොලේ කටයුතු වලින් වාසි අත්කර ගත හැකිය. ජංගම රැකියාවල නියුක්ත වන්නන්ට වාසිදායක ලෙස අද දිනය යෙදී ඇත. කොමිස් මුදල් ලැබෙන ව්‍යාපාර හිමියෝ හා කෙටි කාලීන කොන්ත‍්‍රාත් කටයුතුවල යෙදෙන අයට ස්වකීය ව්‍යාපාර කටයුත\ සාර්ථකව නිමකල හැකිය. ධන වාසනාව හොඳින්ම යෙදී ඇති නමුත් වියදම පාලනයකින් තොර වේ. බෝවන රෝග ආසාධනය වීමේ අවධානමක් ඇත. ඒ නිසා සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ගන්න.




මීන ලග්නය

ලග්නාධිපති බ‍්‍රහස්පතී ග‍්‍රහයා 12 වැනනේ ගමන් ගන්නා අද දිනයේදී සඳු ග‍්‍රහයා දෙවැන්නට පිවිස ඇත. මුහුණේ කාන්තිමත් බවක් ඇතුව අන් අයගේ ආකර්ෂණය තමන් වෙත ලැබේ. යහපත් කතා විලාශයකින් සමාජයට මුහුණ දෙන අතර කා සමගත් සුහදශීලීව කටයුතු කිරීමට වගබලා ගනී. අරමුණු සාර්ථක කර ගැනීමට වාසනාව ඉහළින්ම යෙදී ඇති නිසා තමන්ගේ සිතේ ඇති කරණු ඉටුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇත. ධන වාසනාව නිරතුරුවම තමා වෙත ලැබී ඇති නිසා ලැබීමේ පැත්තෙන්ද සාර්ථකත්වය හිමිකර ගනී. රෝග වැළඳීමට ඉඩ ඇත. ආහාර වර්ග කෙරෙහි දැඩි ලොල් බවක් දක්වන අතර රසවත් ආහාර මිලට ගැනීම සිදු වේ. විවාහ ජීවිතයේ සතුට සංතෘෂ්ඨිය හොඳින්ම ලබයි. දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%