තරුණ මන්ත්‍රී ගිය පාටියේ දී රට පුරා කෙල්ලො කොල්ලො 200ක් එකතු වෙලා කරපු දෙයක් මාටිටු වෙයි.

Police Anuradapura D J party
By Aruna Feb 13, 2022 10:58 PM GMT
Report

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසනවා.

අන්තර්ජාලය මගින් මෙම සාදය සංවිධානය කර ඇතැයි ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන, දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලවි කරන මත් පෙති සහ කේරළ ගංජා සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 20 - 35 අතර වයස්වල පසුවන දෙසියයකට වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම සාදයට සහභාගි වී සිටි බවත් පොලිසිය පවසයි.

මෙම මත් ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 3500 ක මුදලක් අය කර තිබූ බවත්, ඇතුල් වූ පසු, මුදල් ගෙවූ අය හඳුනා ගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබූ බවද පොලිසිය පවසයි.

සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත් ද්‍රව්‍ය පානය කර සිටින අයුරු දැකගත හැකි වූ බව ද පොලිසිය සඳහන් කළේය .

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයේ ආරාධිතයින් ලෙස පැමිණ සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්,නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now