බටහිර ඕස්ට්‍රේලියාවට ප්‍රබල සුළි කුණාටුවක අවදානම් තත්ත්වයක්.

Australia
By krishani Apr 14, 2023 05:12 AM GMT
Report

බටහිර ඕස්ට්‍රේලියාවේ උතුර වෙරළ තීරයට ප්‍රබල සුළි කුණාටුවක් කඩාවැදීමේ අවදානමක් මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ආරක්ෂිත ස්ථාන කරා යෑම හෝ නිවෙස්වල රැඳී සිටින්නේ නම් ආරක්ෂිත පියවර ගන්නා ලෙස එරට කාලගුණ අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.

මෙම සුළි කුණාටුව පස්වන කාණ්ඩයට අයත් වන අතර ඉල්සා ලෙස මෙය නම් කර ඇත.

එමගින් පැයට කිලෝමීටර 315ක වැඩි වේගයෙන් සුළං ඇතිවීමේ අවදානමක් පවතියි.

කෙසේවෙතත් ඒ හේතුවෙන් කිලෝමීටර හෙඩ්ලන්ඩ් වරාය අවට 15,000කට අධික පදිංචිකරුවන්ට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join