"මැන් ඩුවොස් " සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කළ බලපෑම. (PHOTOS)

Sri Lanka Weather
By Wayomi Dec 08, 2022 12:05 PM GMT
Report

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවිනි.

එම සුළි කුණාටුව 'මැන් ඩුවොස්' ලෙස නම් කර ඇති අතර 'මැන් ඩුවොස්' සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට බලපෑම ඇති කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය ඇති විය හැකියි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery