ඔබේ පරිඝණකයේ ආරක්ෂාවට අතිශය වැදගත් කරුණු කිහිපයක්..

Microsoft Informatics Institute of Technology Sri Lanka Sri Lanka Institute of Information Technology Cyber Attack Smart Phones
By Aruna May 25, 2023 04:57 AM GMT
Report

ඔබේ පරිගණකයේ ආරක්ශිත බව දෙයාකාරයකින් පැහැදිලි කරගත හැක.

එනම් උපාංගයක් ලෙසට දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග ලෙසටය.

අනෙක නම් ඔබේ භාවිතාවේ ආකාර අනූවය. තරමක අභියෝගයක් වුවද දෘඩාංග මට්ටම හැකි විටම ඉහල යාවත්කාලීන මට්ටමක තබා ගැනීම වැදගත්ය.

අද වන විට මෘදුකාංග මට්ටමින්ම මේ බව ඉල්ලා සිටිම බහුලව දැකිය හැකිය.

නවීනතම ආරක්ශිත අංගයන් බොහොමයක් වඩාත් නවීනතම දෘඩාංග පසුබිමක් ඉල්ලා සිටීම සදහා හොඳම උදා හරනය windows 11 සමග වෙයි.

එනම් windows 11 ස්ථාපනයට අනිවාර්ය අංගයන් ලෙසට පරිගණකය සමග විට යුතු අංගයන් කිහිපයක් නම් කර ඇත.

එපමනක් නොව ස්මාර්ට් දුරකථන මට්ටමේදීද Biometrics ආකාර සදහා සහය වන දෘඩාංග පහසුකම් එනම් ඉහල මට්ටමක Camera එකක සිට Fingerprints වැනි ආකාර සදහා සහය දක්වන බවක් ඉලා සිටීම සිදුවේ.

මෘදුකංග මට්ටමේදී හැකි හැමවිටම ස්ථාපිතව ඇති මෘදුකාංග යාවත්කාලීනව තබා ගන්නට වගබලා ගැනිම ඉතා වැදගත්ය.

බොහෝ විටම මෘදුකාංග සදහා යාවත්ලබා දීමේදී හේතුවන ප්‍රධාන සාධක දෙකකි.

එකක් දැනටම හඳුනා ගෙන ඇති එහිවන දුර්වලතා පිලිසකර කිරීමය.

අනෙක නම් එම මෘදුකාංග භාවිතාවට නවාංග ‍රැගෙන ඒමය.

හැකි හැම විට මෘදුකාංග තොරා ගැනීමේදී ඒවායේ නිළ සංස්කරණ තොරා ගැනීමත්, ඒවා ස්ථාපනයේදී නිළ ආකාරවලට එනම් එම නිකුතූන් කර ඇති ආයතනයන් පවසන ආකාරයන් වලට එකගව කටයුතු කිරීම වැදගත්ය.

බොහෝ විට අනීතික ලෙසට මෘදුකාංග සංක්‍රිය කිරීමේදීම හානිකරද ස්ථාපනයට අවස්ථාවක් ලබා ගැනීම බහුලව දකිය හැක.

මෙවන් බොහෝ අවස්ථාවලදී ගැටළුව හඳුනා ගන්නා විට භාවිතාකරන්නා අසරණවී හමාරය.

තවත් වැදගත් කාරනයක් නම් තමන් ස්ථාපණය කරන මෘදුකාංග ඉල්ලා සිටින උපාංගයේ වන පහසුකම් හැසිරවීමට ඉල්ලා සිටීම් ගැන අවධනයෙන් සිටීමය.

උදාහරනයක් ලෙසට කැමරාව, ශ්‍රව්‍ය සංවේධක ඇතුළු පහසුකම් එම මෘදුකාංගය හෝ ඇප් එක ඉලා සිටීම සධාරනද යන්නත් තවත් විටක ඔබ නොදැනුවත්වම එවන් අවසර ලබා ගෙන ඇත්දැයි සැලකිලිමත්වීම වැදගත්ය.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now