ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලයකට සයිබර් ප්‍රහාරයක්..!
Twitter
By Sewvandhi
දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපිනයන් බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පර්යේෂකයින්ට අනුව සයිබර් ප්‍රහාරය එල්ල කළ හැකර්වරුන් විසින් ඒවා අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් සමාගම කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරනේද නැද්ද යන්න පිළිබඳව හෝ ඔවුන් විසින් සඳහනක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |