මහජන රැස්වීම් සියල්ල තහනම්..රට පුරා ඇඳිරි නීතිය පනවයි..

Bangladesh Accident Death World
By Aruna Jul 20, 2024 02:49 AM GMT
Report

සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් බංගලාදේශයේ මියගිය සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බංගලාදේශය පුරා පැතිර ගිය දින කිහිපයක මාරාන්තික නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම නිසා එරටට ඇඳිරි නීතිය පනවා ඇති අතර, හමුදාව යෙදවීමට ද නියමිත බවයි.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


විරෝධතා ආරම්භ වූ පසු පළමු වතාවට වැඩි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ උත්සාහයක් ලෙස ඩකා අගනුව ර පොලිසිය සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට දැඩි පියවරක් ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

“මහජන ආරක්ෂාව” සහතික කිරීම සඳහා මෙම පියවර අවශ්‍ය බවයි එම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, මධ්‍යම බංග්ලාදේශයේ නර්සින්ඩි දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදුණු ශිෂ්‍ය විරෝධතාකරුවෝ එම ස්ථානයට ගිනි තැබීමට පෙර එහි රැඳවියන් නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං..

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං..


රැඳවියන් සංඛ්‍යාව කොපමණ දැයි නොදනින නමුත් එය සිය ගණනක් වනු ඇති බවයි, එරට පොලිසිය සඳහන් කරන්නේ.