ඇඳිරි නීතිය ගැන අලුත්ම නිවේදනය මෙන්න..

Curfew Colombo Kelaniya Nugegoda
By Aruna Apr 01, 2022 01:02 AM GMT
Report

කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කර තිබෙනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලටයි ඊයේ රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන - පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ පස්වරුවේ විරෝධතාවක් පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවුණා.

මේ අනුව ඊයේ සිදුවූ උණුසුම් තත්ත්වයන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now