ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 5කට වැඩි ප්‍රමාණයකින් ඉහළට

Crude Oil Prices Today Latest Headlines Sinhala news Puwath.lk Crude Oil
By R.rishma Jul 09, 2026 10:15 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම අවලංගු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත්, ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 5කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට ආසන්න වෙමින් ඩොලර් 78.82ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම, ඩබ්ලිව්.අයි.ටී. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.24ක් ලෙස වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී බලපෑමක් ඇති කළ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම හරහා ප්‍රවාහන සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.