මැදපෙරදිග ගැටුම් හමුවේ බොරතෙල් මිල ඉහළට
Sri Lanka
Crude Oil Prices Today
Latest Headlines
Puwath.lk
Crude Oil
By R.rishma
එක්සත් ජනපදය සහ ඉරානය අතර යළි උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.46ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 2.39ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල වැඩිවීම සියයට 2.62ක් ලෙස සටහන් වේ.
එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 4.62ක වැඩිවීමකි.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවීමේ අවදානමක් මතුව තිබීම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත.
ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.