ශ්‍රී ලංකාව තවත් විශාල ණය ගැන බලාපොරොත්තුවෙන් - වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Sri Lanka loan Bangladesh Bandula Gunawardhana Economic crisis
By Sewvandhi Mar 30, 2022 06:15 PM GMT
Report

සිංහල දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිගයකින් තොරව සාධාරණ මිලට සැපයීමට සාකච්ජා කරමින් සිටින වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජීවන වියදමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහාද කටයුතු කරන බවයි.

මේ අතර, මෙරට මුදල් අමාත්‍යවරයා විසින් බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක අතිරේක මූල්‍ය හුවමාරු පහසුකමක් ඉල්ලා ඇති බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් මෝමන් ප්‍රකාශ කළා.

බිම්ස්ටෙක් සමුළුව අතරතුර  අදහස් දක්වමින් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා කළ ඉල්ලීමට සිය රජය ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවයි.

ශ්‍රී ලංකාව මීට පෙරත් බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය හුවමාරු පහසුකම් ලබා ගත් අතර එය ආපසු ගෙවීමේ කාලය ද දීර්ඝ කෙරුණා.

භාණ්ඩ ණයට ලබාගෙන අවුරුදු තුනකින් ගෙවිම සදහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේද අමරිකානු ඩොලර් බිලියන 01ක ආධාර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ඊට අදාල ක්‍රමවේදය සාකච්ජා කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now