ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පෙරමුණ රොනාල්ඩෝට..

Cristiano Ronaldo Football
By krishani May 04, 2023 01:06 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබෙනවා.

ඒ 2023 වසරේ දී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුව ය.

මේ අතර, ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසු වේ.

තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් ම්බාපේ ය.

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 136ක් වන අතර සුපිරි ක්‍රීඩක මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 130කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join