ජංගම දුරකතනයක් නිසා පියා ඝාතනය කරයි - පුතුන් දෙදෙනා රෝහල් ගත කළ සංවේදී පුවතක්..

Sri Lanka Police
By krishani Jun 08, 2022 04:21 AM GMT
Report

ජංගම දුරකතනයක් සොරා ගැනීම නිසා ඇති වූ ආරවුලක් හේතුවෙන් පියා ඝාතනය කර පුතුන් දෙදෙනාට තුවාල සිදු කිරීමේ පුවතක් රාගම කැන්දලියද්දපාළුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ(07) සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 55 හැවිරිදි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ ජංගම දුරකතනය සොරාගෙන ඇති අතර ඒ පිළිබදව විමසීමට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.

එයට මැදිහත් වූ පුතුන් දෙදෙනා ද පහරදීමෙන් තුවාල ලබා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනය සිදුකළ පුද්ගලයාට ද තුවාල සිදුවීම නිසා ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join