කළුතරම හෙල්ලූ බිහිසුණු ඛේදවාචක දෙක..

Sri Lanka Police Kalutara Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 10, 2024 10:13 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අනාරක්ෂිත වතුර වළකට වැටී කළුතර ගල්පාත ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.

කළුතර ගල්පාත ප්‍රදේශයේ පිහිටි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් රැක බලා ගන්නා මෙම මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක් මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති අතර මියගොස් ඇත්තේ දළුඅත්ත, පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක්ය.

පොලිසිය සඳහන් කළේ, පසුගිය 7 වනදා රාත්‍රියේ ඇය අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමතුමක් මගින් මධ්‍යස්ථානයේ පාලිකාව විසින් ඇගේ මවට දන්වා තිබෙන බවයි.

එදින රාත්‍රීයේ මධ්‍යස්ථානය අවට සෝදිසි කළ ද එම කාන්තාව සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊට දින 2කට පසු අදාළ මධ්‍යස්ථානයේ අවශ්‍යතා වෙනුවෙන් දර එකතු කිරීමට පුද්ගලයෙකු මධ්‍යස්ථානය අසල තිබූ වතුර වළක තිබූ මළසිරුරක් දැක ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මෙම අනාරක්ෂිත වතුර වළට වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දළුඅත්ත, පයාගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මධුෂ්කා ඉන්ද්‍රචාපා නමැති කාන්තාවක්.

ඇගේ මව්පියන් මීට වසර එකහමාරකට පමණ පෙර ඇයව මෙම මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දී තිබෙනවා. කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් තුසිතා දිසානායක මහත්මිය සිද්ධිය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය සිදු කළා.

එහිදී දක්නට ලැබු‍ණේ තවත් අනාරක්ෂිත ස්ථාන එම මධ්‍යස්ථානය අසල ඇති බවයි.පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අනතුරුව නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා.

මේ අතර අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කළුගං මෝය ආසන්න වෙරළ තීරයේදී හමුවී තිබෙනවා.කළුතර දකුණ පොලිසිය පැවසුවේ,ඇය වයස අවුරුදු 35ක පමණ කාන්තාවක් බවයි.

මළ සිරුර දින දෙකක් පමණ ජලයේ තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර ඇය පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන විට අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. දේහය මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.