වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 04, 2022 02:57 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පිටිගල - තල්ගස්වල ප්‍රදේශයේදී ඊයේ (03) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තල්ගස්වල ප්‍රදේශයේ පුද්ගලයෙක් ය.

ඔහු ඊයේ සවස නිවස ආසන්නයේ ඇති නගරයට ගොස් නැවත යතුරුපැදියෙන් සිය නිවසට පැමිණෙමින් සිටියදී පාලු ප්‍රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල වු මෙම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එහිදී ඔහු මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා මුදල් පොලීයට ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත් පොලීසිය සැක කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join